ජනතාවට ප්‍රමුඛතාව දෙන්න – ජනපති

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සකස් කර දෙන ලෙසයි.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අද පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share