චීන සමාගමක් තම සමාගමේ සේවකයින්ට යුවාන් මිලියන 180ක් ප්‍රසාද දීමනාවක් ලබා දෙයි

තම සමාගමේ සේවකයින්ට යුවාන් මිලියන 180ක් ප්‍රසාද දීමනා ලෙස ලබා දුන් සමාගම් ප්‍රධානියෙකු ගැන චීනයෙන් වාර්තා වෙනවා.
හෙනන් ක්වාන්ෂාන් ක්‍රේන් නැමති චීන සමාගම ඉකුත් වසරේ යුවාන් මිලියන 270ක ලාභයක් උපයාගෙන ඇති අතර, පෙබරවාරි 13 වැනිදා පැවති උත්සවයකදී එයින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් බෝනස් ලෙස කාර්ය මණ්ඩලයට බෙදා දී තිබෙනවා.
බෝනස් බෙදා දීමේ උත්සවයට 7,000කට ආසන්න සේවක පිරිසක් සහභාගී වී ඇති අතර, එහිදී ඔවුන්ට මුදල්වලින් පිරවූ මේස 800කින් සංග්‍රහ කර බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අපූරු බෝනස් බෙදා දීම අන්තර්ජාලය තුළ වේගයෙන් ප්‍රචාරය වීමත් සමග ලොව පුරා බෝහෝ සමාගම් සේවකයින් තුළ එය පුදුමයක් මෙන්ම ඊර්ෂ්‍යාවක් ද ඇති කර ඇති බවයි පැවසෙන්නේ.

Share