කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි හෙට ආරම්භ කරන චීන සංචාරයේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රීය අංගයක් ලෙස මානව හිමිකම් ඇතුළත් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පළුදු වෙමින් පවතින අවකාශයක, වසර අටකට වැඩි කාලයකට පසු කැනේඩියානු අගමැතිවරයෙකු චීනයට කරන පළමු සංචාරය මෙය වනවා.
HRW වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, 2018 සහ 2021 අතර කාලය තුළ චීනය විසින් කැනේඩියානු පුරවැසියන් දෙදෙනෙකු රඳවා තබා ගැනීමෙන් පසුව දෙරට අතර සබඳතා සැලකිය යුතු ලෙස පිරිහුණා.
චීන සැපයුම් දාමයන්ට සම්බන්ධ බලහත්කාර ශ්‍රමය, මානව හිමිකම් ආරක්ෂකයින්ට හිංසා කිරීම සහ රඳවා තබා ගැනීම සහ යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර සඳහා භාවිතා කර ඇති බවට චෝදනා එල්ල වන චීනයෙන් සාදන ලද ඩ්‍රෝන යානා රුසියාවට විකිණීම වැනි කරුණු සම්බන්ධයෙන් කර්නි සිය සංචාරයේ දී අවධානය යොමු කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් පවසනවා.





