ෂී ගෙන් අනුරට ලිපියක්

ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් විශාල ජීවිත හා ආර්ථික හානි සිදු වූ බව දැන ගත් විගස තමා කම්පනයට පත් වූ බව ෂී ජින්පිං මහතා යොමු කළ පණිවුඩයේ සඳහන්.
චීනය හා ශ්‍රී ලංකාව අවංකව අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙන, පාරම්පරික මිත්‍රත්වයෙන් බැඳී සිටින උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන් බව සිහිපත් කරන චීන ජනාධිපතිවරයා විපතට මුහුණදීමට චීනය ශ්‍රී ලංකාවට අනුබලය හා සහාය ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද පවසනවා.
ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් නායකත්වයෙන් එහි ජනතාවට කඩිනමින් විපත ජය ගෙන සිය නිවාස යළි ගොඩනැගීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Share