චීන ඔත්තුකරුවන් LinkedIn හරහා ඔවුන් වෙත ළඟා වීමට උත්සාහ කරන බවට MI5 එක්සත් රාජධානියේ නීති සම්පාදකයින්ට අනතුරු අඟවයි.

බ්‍රිතාන්‍යයේ MI5 ආරක්ෂක සේවය අඟහරුවාදා එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චීන නියෝජිතයින් විසින් තොරතුරු රැස් කිරීමට සහ ක්‍රියාකාරකම් වලට බලපෑම් කිරීමට දරන උත්සාහයන් පිළිබඳ නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
චීනය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඔත්තු බැලීමට උත්සාහ කරන බවට එල්ල වූ නවතම චෝදනාව එයයි.
චීන ඔත්තුකරුවන් සමාගම් ලෙස පෙනී සිටිමින් මෙලෙස ඔත්තු බලන බව සඳහන් වන අතර ඒ සඳහා LinkedIn හරහා සම්බන්ධ වන බවද MI5 අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ නවතම චෝදනා “මුලුමනින්ම ගොතන ලද සහ ද්වේෂසහගත අපහාසයක්” බවයි.

Share