විද්‍යුත් චුම්බක බලයෙන් ක්‍රියාත්මක වන ලොව වේගවත්ම දුම්රිය නිපදවමින් චීනය ලෝක වාර්තාවක් බිහි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයේ ආරක්ෂක තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මීටර් 400ක දුරින් යුතු දුම්රිය මාර්ගයක ද කළ එහි අත්හදා බැලීම්වලදී තත්පර දෙකක් ඇතුළත පැයට කිලෝමීටර් 700ක වේගයක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වනවා.
කිලෝග්‍රෑම් දහසක බරින් යුතු දුම්රියට අධික වේගයක් උත්පාදනය කිරීමේ හැකියාව ඇති අතර, අත්හදා බැලීම් සිදු කිරීමෙන් පසු දුම්රිය ආරක්ෂා සහිතව නතර කර ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් වූ බව ද සඳහන්.





