ලෝක වාර්තා තැබූ චීන අධිවේගී මාර්ගය

වසර පහකට වැඩි කාලයක ඉදිකිරීම්වලින් පසු, වයඹදිග චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන කලාපයේ ටියැන්ෂාන් කඳු හරහා ගමන් කරන උරුම්කි-යුලි අධිවේගී මාර්ගය අද ගමනාගමනය සඳහා විවෘත කෙරුණා.
ලොව දිගම අධිවේගී උමං මාර්ගය ලෙස ද සැලකෙන කිලෝමීටර් 22.13ක දිගින් යුත් ටියැන්ෂාන් ෂෙන්ග්ලි උමං මාර්ගය ද මෙම අධීවේගී මාර්ගයේ පිහිටා ඇති අතර, මෙම මාර්ගය භූ විද්‍යාත්මක කලාප 16 ක් හරහා ගමන් කරන බව සඳහන්.
ඉහළ භූමි ආතතියක් සහ ඉහළ භූ කම්පන තීව්‍රතාවයක් සහිත කඳූකර කලාප හරහා දිවෙන මෙම මාර්ගය, කිලෝමීටර් 2,500 ක් දිග ටියැන්ෂාන් කඳු පන්තිය හරහා ගමන් කිරීමට මෙතෙක් ගත කළ පැය 7ක ගමන මිනිත්තු 20 දක්වා අඩු කර ඇති බවයි ෂින්හුවා ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
එසේම, ටියැන්ෂාන් කඳුකරයට උතුරින් පිහිටි උරුම්කි ප්‍රාදේශීය අගනුවර සිට ටියැන්ෂාන් කඳුකරයට දකුණින් පිහිටි කෝර්ලා දක්වා ගමන් කිරීමට ගතවූ කාලය ද මෙම උමං මාර්ගයත් සමග පැය හතේ සිට පැය තුනහ මාරක් දක්වා අඩු වූ බව ද සඳහන්.
කිලෝමීටර් 324.7ක දිගින් යුත් උරුම්කි-යුලි අධිවේගී මාර්ගයට අන්තර් හුවමාරු 12 ක්, උමං මාර්ග 17 ක් සහ පාලම්, බෝක්කු සිය ගණනක් ඇතුළත් වන අතර, අධිවේගී මාර්ගය සඳහා චීනය යුවාන් බිලියන 46.7 ක් වැයකර ඇති බ ව ද සඳහන්.
එසේම උරුම්කි-යුලි අධිවේගී මාර්ගය චීනය, මධ්‍යම ආසියාව, බටහිර ආසියාව සහ පකිස්ථානය සමඟ සමීප කරවන බවත්, එබැවින් එය චීනයේ උපායමාර්ගික වෙළෙඳ මාර්ගයක් ලෙස වඩාත් පුළුල් කාර්යභාරයක් ඉටුකරනු ඇති බවටයි උයිගුර් ස්වයං පාලන කලාපයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

Share