චීනයෙන් රුපියල් මිලියන 400ට වැඩි වටිනාකමින් යුත් ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් මහජන චීන ජනරජය විසින් රුපියල් මිලියන 400ට අධික වටිනාකමින් යුත් ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව ජීවිතාරක්ෂක කබා, කූඩාරම්, බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිළි ඇතුළු භාණ්ඩ අඩංගු කිලෝග්‍රෑම් 84,525 කින් සමන්විත අදාළ ආධාර තොගය රැගත් චීන ගුවන් යානය ෂැංහයි සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

Share