ළමා ලිංගික ජාවාරම්කරු ජෙෆ්රි එප්ස්ටයින් සමග පැවති සබඳතා හේතුවෙන් ස්ත්‍රී දූෂණ සහ රාජ්‍ය තොරතුරු පිටස්තර පාර්ශ්වයන්ට ලබාදීමේ චෝදනා එල්ල වී සිටින ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් කුමරු හෙවත් බ්‍රිතාන්‍ය කිරුළ දරන චාල්ස් රජුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යයේ තේම්ස් නිම්න පොලිසිය කටයුතු කර තිබෙනවා.
චාල්ස් රජුගේ සහෝදරයා ට අයත් බර්ක්ෂයර් සහ නොර්ෆොක් හි ලිපිනයන් සෝදිසි කරමින් සිටින බවත් පොලිසිය සඳහන් කර තිබුණා.
ඇන්ඩෲ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට ඔහුට අයත් පරිගණක උපකරණ, ලිපිගොනු, ඡායාරූප සහ වෙනත් ඕනෑම සාක්ෂි වෙත ප්‍රවේශ වීමට හැකි වන බවයි පොලිසිය පවසන්නේ.
ඇන්ඩෲ කුමරු කෝටිපති ළමා ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සංවේදී තොරතුරු බෙදා ගත් බවට එල්ල වන චෝදනා සහ ඔහු සමඟ ලිංගික සම්බන්ධයක් ඇති කර ගැනීම සඳහා එප්ස්ටයින් විසින් කාන්තාවක් එක්සත් රාජධානියට ප්‍රවාහනය කළ බවට එල්ල වන චෝදනා සමාලෝචනය කරන බවයි තේම්ස් නිම්න පොලිසිය වැඩි දුරටත් කියා සිටියා.





