ආපදා සහන සේවා කටයුතුවල නිරතව සිටිය දී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද පෙරවරුවේ ඔහුගේ නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූවා.
ආපදා සහන සේවා කටයුතු සඳහා එක් කර තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් පසුගිය පසුගිය 30 වැනිදා ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා. අනතුරෙන් පසුව එහි සිටි සියලු දෙනා කඩිනමින් රෝහල්ගත කෙරුණ ද එක් අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස මිය ගියේ යානයේ නියමුවා ලෙස කටයුතු කළ නිර්මාල් සියඹලාපිටියයි.
විංග් කමාන්ඩර නිලයේ සිටි ඔහු ගෘප් කැප්ටන් නිලය දක්වා පසුව උසස් කරනු ලැබුවා.
ඔහුගේ දේහය ඊයේ සිට රත්මලානේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අද පෙරවරුවේ එහි පැමිණ මියගිය ගුවන් නියමුවාට සිය ගෞරවය පුද කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.
ගෘප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකෙරුණේ පූර්ණ ගුවන් හමුදා ආචාර මධ්‍යයේයි.





