කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මඟින් ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා.
සම්මානය පිරිනැමුණේ උන්වහන්සේ බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂි මෙහෙවර අගය කරමින්.
ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති සහ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරලයේ ප්‍රධන සංඝනායක ආචාර්ය පූජ්‍ය කිරිදේ අස්සජි හිමියන්ට ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාල මඟින් ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන Lifetime Achievement Award ගෞරව සම්මානය පසුගියදා පිරිනමනු ලැබුවා.
උන්වහන්සේගේ බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමක් කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂි මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.
මීට පෙර මෙම විශිෂ්ට සම්මානය ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී මහතා ඇතුළු ජාත්‍යන්තර වශයෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ලෝකප්‍රකට සම්මානනීය පුද්ගලයන් වෙත පිරිනමා තිබෙනවා.
එම ගෞරවනීය නාමාවලියකට ශ්‍රී ලාංකිකයෙකු එක්වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දියාවේ දෙව්නි මෝරි සර්වඥ ධාතුන් වහන්සේ ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම පසුගියදා සිදු කෙරුණා.
එම පිංකමෙහි ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන් විසින්.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, තමන් වහන්සේ වෙත පිරිනමන ලද මෙම ගෞරවය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් ම සිදු කරන ලද ඇගයීමක් බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ද්වි පාර්‌ශවික සබඳතා දියුණු කිරීමට අඛණ්ඩව කැපවන බව ද ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළා.





