ජාතික ජන බලවේග රජය බලයට පත්වුණේ ආර්ථික ප්රජාතන්ත්රවාදය මත පදනම් වූ ආර්ථික දර්ශනයක් සමගින් බවත් එය වර්තමානය වන විට ප්රායෝගිකව තහවුරු කිරීමට සමත්ව ඇති බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ඇය මේ බව සදහන් කළේ කිරි ගොවි අබිමන් නමින් අරලියගහ මන්දිරයේදී සංවිධාන කර තිබු උත්සවයකට එක්වෙමින්.
මිල්කෝ ආයතනය ලද ආදායමෙන් රුපියල් මිලියන 175ක් කිරි ගොවීන් හට ප්රසාද දීමනා වශයෙන් ලබාදීමේ වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන්.
‘කිරිගොවි අබිමන් ලෙස නම්කර තිබූ මෙම උත්සවයේදී කිරි ගොවීන් හට රක්ෂණාවරණක් හඳුන්වා දීමද සිදුකෙරුණා.





