ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට

ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වුණා.
එය කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් සැපයීමට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම පවසනවා.

සමාගම සහතික වන්නේ හෙට දිනය වන විට දැනට පවතින ගෑස් ඉල්ලුම මුලුමනින්ම සපුරාලිය හැකි බවයි.

දින කිහිපයක සිට වෙළෙඳපොළේ ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් හිඟයක් මතුව තිබුණා.
කෙසේ වෙතත් රජයේ ගෑස් සමාගම වන ලිට්‍රෝ සහ වෙළෙඳ අමාත්‍යවරයා චෝදනා කළේ ලාෆ් ගෑස් සමාගම ප්‍රමාණවත් තරම් තොග දේශීය වෙළෙඳපොලට බෙදා නොහැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ දිනයේ දී ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ හෙට සිට දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් තවමත් ඇතැම් ප්‍රදේශවලට ගෘහස්ත ගෑස් ලැබී නැතැයි වාර්තා වනවා.

එවන් පසුබිමක ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට ලගා වුණා

ටීවී සුප්‍රීම් නිව්ස් අප කළ විමසීමකදී ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසුවේ හෙට දිනය වනවිට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.

Share