ගුවන් තොටේදී විදෙස් විදෙස් කතකට දරු ප්‍රසූතියක්

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද උදෑසන පැමිණි 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක්, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු කර තිබෙනවා
අද උදෑසන 6.30ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට ඇති අතර එහිදී දරුවා ප්‍රසූත කර ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

Share