මඩකලපුව ගුවන් තොටුපළට ඇතුළු වූ වන අලි රංචුවක් පළවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ මඩකලපුව ඒ්කකයේ නිලධාරින් ඊයේ රාත්‍රියේ පියවර ගෙන තිබුණා.
මෑත කාලීනව මෙලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටම පාහේ එල්ල වන වන අලි තර්ජන ඉහල යෑම හේතුවෙන් කලාපයේ දෛනික ජන ජීවිතයටද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මෙලෙස වන අලි ගුවන් තොටුපොළට ඇතුළු වීම පිළිබඳව මඩකලපු වනජීවි ඒකකයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් අලි වෙඩි යොදා වන අලි පන්නා දැමීමට පියවර ගෙන තිබුණා. අප වාර්තාකරු පවසන්නේ මඩකලපුව මාන්තීවු ප්‍රදේශයේ දින ගණනාවක් තිස්සේ සැරිසරන වන අලි රංචුවක් මෙලෙස ගුවන් තොටුපොළට ඇතුළු වී ඇති බවයි.
මඩකලපුව මාන්තිව් සහ තිරුපන්තුරෙයි ඇතුළු ප්‍රදේශ කිහිපයකටම එල්ල වී ඇති වන අලි තර්ජන හේතුවෙන් මේ වන විට එහි පදිංචිකරුවන් භීතියට පත්ව සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සිය ජීවිත මෙන්ම සිය වගාබිම් පවා මේ හේතුවෙන් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.





