ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයට ඇතුළත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටිනවා .
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී, උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ගැටලු පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.
අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.





