මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන “එල් මෙන්චෝ” එරට හමුදා මෙහෙයුමක් අතරතුර මියගොස් තිබෙනවා.
ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වන නෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ‘ ඝාතනය වුණේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකෝ ආරක්ෂක අංශ ආරම්භ කර තිබූ විශේෂ මෙහෙයුමක් අතරතුර දී.
‘එල් මෙන්චෝ‘අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් මිලියන 15ක මුදලක් ලබාදෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ද මීට පෙර නිවේදනය කර තිබුණා.
මෙක්සිකානු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ ද අමෙරිකාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව බව මෙක්සිකානු බලධාරීන් තහවුරු කළා.
මේ අතර සිය නායකයා ඝාතනය වූ බව සැලවීමත් සමග ඔහුගේ අපරාධ සංවිධානවලින් එකක් වන ජාලිස්කෝ සාමාජිකයින් මෙක්සිකානු ප්‍රාන්ත 20 ක් පුරා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් මුදා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.





