ගිනිඅවි සඳහා බලපත්‍ර අලුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2025 සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය දක්වා පමණක් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බවට පෙර දැනුම් දී තිබූ බවයි.
ඒ අනුව, ලබන වසරේ ජනවාරි 31 වන දිනෙන් පසුව බලපත්‍ර රහිතව ගිනි අවියක් ළඟ තබා ගැනීම තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වනු ලබනවා.
2026 / 2027 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය අලුත් කිරිමද රටතුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර තිබු අතර පසුව සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු මෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කල නිවේදනයේ සදහන්.

Share