දකුණු මුහුදේ මත් වැටලුම

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරන ධීවර යාත්‍රා දෙක අද පෙරවරුවේ දික්ඔ්විට ධීවර වරායට රැගෙන රැගෙන ආවා.
මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙ සිටි ස්කීපර්වරුන් දෙදෙනා ඇතුලුව සැකකරුවන් 11 දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, දිගුදුර නෞකා යොදාගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පසුව එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් කළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවා.
මෙම බහුදින ධිවර යාත්‍රාවල තිබී සංනිවේදන උපකරණ තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම බහුදින ධීවර යාත්‍රා දෙක පරික්ෂා කිරිමේ දී මත්ද්‍රව්‍ය ඇසුරුම් කළ බවට සැකකෙරෙන උර තොගයක් ද සොයා ගැණුනා.
ආරක්ෂක අංශ සැකකරන්නේ යාත්‍රා දෙකේ කිලෝග්‍රෑම් 270ක පමණ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවයි.
සැකකරුවන් සමග බහුදින යාත්‍රා මේ වන විට දික්ඕවිට වරායට අද පෙරවරුවේ රැගෙන ආවා .

Share