ගාසා සාම සැලැස්මේ දෙවන අදියර ඉතා කඩිනමින් ආරම්භ කිරීමට තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් පවසයි

ගාසා සාම සැලැස්මේ දෙවන අදියර ඉතා කඩිනමින් ආරම්භ කිරීමට තමන් අපේක්ෂා කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කෙටි කලක් ඇතුළත අවි අත් නො හැරියහොත් හමාස් සංවිධානයට දැඩි විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ඔහු එහිදී අනතුරු අඟවා තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ෆ්ලොරිඩාහිදී පැවති සාකච්ඡාවලින් අනතුරුව ට්‍රම්ප් මෙම අදහස් පළ කළා.
ඊශ්‍රායලය සාම සැලැස්මේ මීළඟ අදියර කරා යාමට හමාස් සංවිධානය අවි අත්හැරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.
මෙම සැලැස්මේ දෙවන අදියර යටතේ හමාස් සංවිධානය අවි අත්හැරීමෙන් පසු ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමට නියමිතයි.
අනතුරුව ගාසා තීරයේ පාලනය සඳහා තාක්ෂණික රජයක් පිහිටුවා ප්‍රදේශය යළි ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරන බව ද සඳහන්.

Share