ගාසා තීරය සදහා වන සැලැස්මට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

ගාසා තීරය සදහා වන ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සැලැස්මට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් ගාසා තීරය තුළ පිහිටුවීම ඇතුළු කරුණු 20කින් සමන්විත එම සැලැස්ම ඊයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කෙරුණා.
බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා සෝමාලියාව ඇතුළු රටවල් 13ක් සැළැස්මට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
සැලැස්මට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර රුසියාව හා චීනය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
කෙසේ වුවද ට්‍රම්ප්ගේ සැළැස්ම පලස්තීන ජාතිකයින්ගේ අයිතීන් හා ඉල්ලීම් නොසලකා සකස් කර ඇති බැවින් තමන් එය ප්‍රතික්ෂේප කරන බව හමාස් සංවිධානය පවසනවා.

Share