රැදවියන් දෙදෙනකු පලායෑමට ගත් උත්සාහයක් මැඬපැවැත්වීම සඳහා ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි අප වාර්තාකරු පවසනවා
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු අද දහවල් 01.45ට පමණ ගාල්ල බන්ධනාගාර තාප්පයෙන් පැන යාමට සැරසී ඇති බවත් එය දැක ඇති බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනා බියට පත් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මේ වන විට රැඳවියන් දෙදෙනා සුළු තුවාල ලබා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.





