ග්‍රීන්ලන්තය පාලනය කිරීමට තමා කළ ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවල් මත තීරුබදු පනවන බවට කළ තර්ජනය “100%” ක්‍රියාත්මක කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ ඇමරිකානු ජනාධිපතිවරයාට අර්ධ ස්වයං පාලන ඩෙන්මාර්ක භූමියේ හිමිකාරිත්වයට තර්ජනය කළ නොහැකි බවයි.
මේ අතර, ග්‍රීන්ලන්තයේ අනාගතය “ග්‍රීන්ලන්ත වැසියන් සහ ඩෙන්මාර්ක ජාතිකයින් පමණක්” තීරණය කළ යුතු බවට එක්සත් රාජධානියේ ස්ථාවරය එක්සත් රාජධානියේ විදේශ ලේකම් යෙවෙට් කූපර් නැවත අවධාරණය කර තිබෙනවා.
මේ අතර, ආක්ටික් දූපත ආශ්‍රිතව උත්සන්න වන ආතතීන් මධ්‍යයේ වයඹදිග ග්‍රීන්ලන්තයේ පිහිටි එහි පිටිෆික් අභ්‍යවකාශ කඳවුරට හමුදා ගුවන් යානා යෙදවීමට සූදානම් වන බව උතුරු ඇමරිකානු අභ්‍යවකාශ ආරක්ෂක විධානය පවසනවා.





