ගල්ෆ් කලාපයේ මතුවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූ කේෂ්ත්‍ර රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
මෙරට අපනයන කේෂ්ත්‍රය අඩපණවීම්, නිසි වේලාවට ආනයනයන් සිදු කිරීමට ඇති දුෂ්කරතාවයන්, බලශක්ති මිල ඉහළ යෑම හේතුවෙන් උද්ධමනය මත ඇති වන පීඩනය මෙන්ම සංචාරක කේෂ්ත්‍රයට එල්ල විය හැකි බලපෑම ද එහි දී කැපීපෙනෙනවා.
ඉරානය සමග ඊශ්‍රයලය සහ ඇමෙරිකාව ආරම්භ කළ යුද්ධය මේ වන විට සමස්ත ගල්ෆ් කලාපයම බරපතළ අර්බුදයකට ඇද දමා තිබෙනවා.
ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ හදවත යුද්ධයක පැටලීම හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වන බලපෑම සුලුපටු නැහැ.
එහි කම්පනය ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට ඉතා ඉක්මනින් මෙන්ම ඉතා තදින් දැනෙනවා.
ලොව කාර්යබහුලම ගුවන් ගමන් කේන්ද්‍රස්ථාන වන ඩුබායි සහ දෝහා අකර්මන්‍ය වීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වන බලපෑම ඉතා ඉහළයි.
යුද්ධය හේතුවෙන් දිනකට පැමිණි 8500ක් පමණ වූ සංචාරකයින්ගේ සංඛ්‍යාව 6000ක් දක්වා 20%කින් පමණ පහතා වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ප්‍රධාන අපනයන ආදායමක් ලබාදෙන තේ සඳහා වැඩිම ඉල්ලුමක් ඇත්තේ මැදපෙරදිගින්.
පවතින වාතාවරණය හමුවේ තේ අපනයනය නතර වීමෙන් අපනයන ආදායමෙන් සියයට 13ක් පමණ අහිමි වීමේ අවදනාමක් පවතිනවා.
එමෙන්ම ඇගලුම් වැනි මෙරට ප්‍රධානතම අපනයන ආදායම් ප්‍රභවයන්ට ද මෙම අර්බුදය සෘජුවම බලපා ඇත්තේ අමුද්‍රව්‍ය සපයා ගැනීම මෙන්ම නිෂ්පාදන අලෙවි කර ගැනීම ද අර්බුදයකට ඇද දමමින්.





