පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් තමන් නිකුත්කළ පොතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සාවද්‍ය චෝදනා එල්ල කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට අභියෝග කළේ ඒ් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.
මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මතුකරන කරුණු තුළින් ඔහු උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට ඈඳා ගැනීමට බව පවසන හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා හෙට ඒ සම්බන්ධයෙන් අනාවරණයක් කරන බව පවසනවා.
කෙසේ වෙතත් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවේ සඳහන් කළා.





