පසුගියදා පැවති අධික වර්ෂාවත් සමඟ ගම්පොල – දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් භූමිය නාය යාමට ලක්වීමෙන් එහි වළදමා තිබූ මිනී පෙට්ටි මාර්ගයට ඇද වැටීමෙන් එහි ගමන් කරන ජනතාවට පීඩාවට පත්ව සිටිනාවා.
ඔවුන් පෙන්වා දෙන්නේ නායයෑම සිදුව සති කිහිපයක් ගතව ඇතත් මෙතෙක් එම මිනී පෙට්ටි ඉවත් කිරීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැති බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයෙක් ලෙස ගම්පොල හැඳින්විය හැකියි.
ගම්පොල නගරය ඇතුලු ප්‍රදේශ රැසක් ගංවතුරට හසු වූ අතර තවත් ප්‍රදේශ රැසකින් නාය යෑමේ සිද්ධීන් ගණනාවක්ම වාර්තා වුණා.
ගම්පොල – දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් භූමිය ද එලෙස නාය ගොස් තිබුණා.
එහිදී පස් සමග සුසාන භූමියේ වලදමා තිබූ මිනීපෙට්ටි ද ප්‍රධාන මාර්ගයට ඇද වැටී තිබෙනවා.
මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතැත් එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ.
මෙම මාර්ගය යථා තත්ත්වයට පත් නොකිරීම හේතුවෙන් දුනුකේඋල්ල ගම්මානයේ වෙසෙන දෙදහසකට ආසන්න පිරිසක් දැඩි ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දී සිටිනාවා.





