ගම්පහ මූලස්ථාන පොලිසියේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජා-ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ජා ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කලකට පෙර සොරකම් කරන ලද රන් භාණ්ඩ තවත් පුද්ගලයෙකු මිලදී ගෙන ඇති අතර එම රන් භාණ්ඩ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගම්පහ මූලස්ථාන පොලිසියේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ලබාගෙන ඇතැයි, අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසු ගම්පහ මූලස්ථාන පොලිසියේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 3 ක් සහ පවුම් තුන් කාලක රන් භාණ්ඩ ඉල්ලා ඇති අතර ඉන් රුපියල් දෙලක්ෂ පනස් දහසක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව ගම්පහදී අත්අඩංගුවට ගත් සැකකාර පොලස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.





