ගම්පහ දී වාහන 500ක් හදිසි පරික්ෂාවට – 300ක් දෝෂ සහිත බව හඳුනාගැනේ

මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ දියත් කළා
ඒ අනුව කඩවත හා මිරිගම අධිවේගි මාර්ග පිවිසුම් අසල, බැලුම්මහර, යක්කල, නිට්ටඹුව ඇතුළු ස්ථාන 12කදී ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වාහන 500ක් පමණ හදිසි පරික්ෂාවට ලක් කළ අතර එහිදී වාහන 300ක් දෝෂ සහිත බවට හදුනා ගැනුණු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එසේම ධාවනයට නුසුදුසු තත්ත්වයේ රථ වාහන සදහා තහනම් නියෝග නිකුත් කර ධාවනයෙන් ඉවත් කිරීමට ද , අලුත් වැඩියා කළ යුතු වාහන දින 10ක් තුළ අලුත් වැඩියාකොට පෙන්වීමේ නියමයට යටත්ව අලුත් වැඩියා නියෝග ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.

Share