ගංවතුර බැස යාමෙන් පසුව විවිධ ප්‍රදේශවල පිරිසිදු කීරීම ආරම්භ වේ

ගංවතුර බැස යාමෙන් පසුව අංගොඩ ප්‍රධාන මාර්ග සහ හංසගම,කැලණි මුල්ල වැනි ප්‍රදේශවල නිවාස පිරිසිදු කීරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් අපවිත්‍ර වී ඇති කඩුවෙල නගරය පිරිසිදු කිරීම කොළඹ මහ නගර සභාවේ ගිනිවීමේ ඒකකය මගින් අද පෙරවරුවේදී ආරම්භ කළා.

ගාල්ලේ සිට ආපදා සහන සේවා සඳහා 1000ක පමණ කණ්ඩායමක් ඊයේ මහනුවරට පැමිණියා.
ජල ගැලීමට ලක් වූ ප්‍රදේශවල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දී තිබෙනවා. පැවති අයහපත් කාලගුණ තත්වයෙන් මියගිය සැමට මතක වස්ත්‍ර පූජා කර පැන් වඩා පිං පැමිනි වීමේ පිං කමක් වැලිමඩ-බොරලන්ද -වංගියකුබුර ශ්‍රී සුබද්ධාරාම විහාරස්ථානයේ දී අද පැවැත්වුණා. ගම්පොළ ප්‍රදේශයේ නායාමකින් අනතුරුව අතුරුදහන් වූ මව පියා සහ නැගණිය සොයන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මෙසේ තම මව පියා නැගණිය සොයන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට සහාය වීම පිණිස, කොළඹ තර්ස්ටන් රුපියල් 3,250,000.00 ක මූල්‍ය දායකත්වයක් ලබාදුන් අතර, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී එම මුල්‍ය පරිත්‍යාගය භාර ගත්තා.

දැඩි අපාදා තත්වය හමුවේ අවිස්සාවේල්ල, පුවක්පිටිය, පාදුක්ක, හංවැල්ල ප්‍රාදේශවල පීඩාවට පත් වූවන්ට සහනාධාර බෙදා දීම සදහා ජාතික ලොතරැයි මණ්ඩලයේ රථ 07 ක්‌ යොදවා තිබෙනවා.

Share