අගනගරයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් සැලකෙන කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.
කතරගම වාසනා හස්තියා පෙරහැර කරඬුව පළමුවරට වැඩම කරවීම ඊයේ විශේෂත්වයක් වුණා.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝානයක පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර පැවැත්වුණේ 48 වැනි වරටයි.
පෙරහර මංගල්‍යයේ සමාරම්භයට මහා සංඝරත්නය ප්රමුඛ ගිහි පැවිදි බොහෝ පිරිසක් මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලනඥයින්ද එක්වසිටියා. නවම් මහා පෙරහර මංගල්‍යයේ කරඬුව වැඩම කරවීම භාග්‍යය පළමුවරට කතරගම වාසනා හස්තියා වෙත පැවරීමත් මෙවර විශේෂත්වයක්. පෙරහැර නැරඹීමට දෙස් විදෙස් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ මග දෙපස පෙල ගැසී සිටියා.





