ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද අති පූජනීය දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අවස්ථාව සැලසෙන දෙවැනි දිනය අදයි.
වන්දනීය වූත්, පූජනීය වූත් උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක, වැඳපුදා ගැනීම සඳහා, බුද්ධාලම්භන ප්‍රීතියෙන් අද අලුයම සිටම ගව් ගනන් දුර ගෙවා පැමිණෙන ජනතාව, කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පුදබිම වෙත පැමිණෙමින් සිටිනවා. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දානාවට පැමිණෙන සැදැහවතුන්ගේ පහසුව උදෙසා දන්සැල් මෙන්ම සනීපාරක්ෂක පහසුකම්ද සලසා තිබෙනවා. ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගියදා මෙරටට වැඩම කරවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීම සඳහා සැදැහවතුන්ට, පෙබරවාරි 11 වන දා දක්වා, පැය 24 පුරාම අවස්ථාව උදා වනවා.





