විදුලිබලාගාර සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වෙත අද දිනයේත් කොලොන්නාව සහ සපුගස්කන්ද නිමාවන්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණා.
කෙසේ වෙතත් අද සහ හෙට යන දින වලදී සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හරින බැවින් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ පවසා සිටියා
මේ අතර පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර පැවසුවේ බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදා හැරීම අද දවසේ සිදු නොකල යුතු බවට තෙල් සංස්ථා ඉහළ කලමණාකාරිතවයෙන් දැනුම් දී ඇති බවයි.
මේ දින වල උත්සන්න වී තිබෙන මැදපෙරදිග යුධමය වාතාවරණය සමග ලෝක තෙල් සැපයුමට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මෙම අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් මෙරට තුල පවතින ඉන්දන සංචිත කලමනාකරණය කර ගැනීමේ අරමුණින් පසුගිය ඉරිදා සිට ඉන්දන ලබා ගැනීම සඳහා QR කේතය අනිවාර්ය කෙරුණා.
ඉන් අනතුරුවත් දිවයින පුරා ඉන්දන පිරවුම්හල් අසවල දිගු පෝලිම් නිර්මාණය වූ අතර එලෙස ඇතිවුනු පෝලිම් අවසන් කිරීමේ උත්සහයක් ලෙසයි වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්දන නිකුත් කිරීමේ ක්‍රමය ආරම්භ කෙරුණේ.
ඒ අනුව ඉන්දන පිරවුම්හල් අසල නිර්මාණය වී තිබුනු දිගු පෝලිම්වල යම් අඩුවක් දක්නට ලැබුනා.
කෙසේ නමුත් සති අන්තයේ තෙල් බෙදා හැරිම සම්බන්ධයෙන් ගතවුනු දින කිහිපය තුළ විවිධ කතා බහ නිර්මාණය වුනා
ඒ අද සහ හෙට ඉන්ධන බෙදාහැරීම නතර කිරීමට සංස්ථාව මීට පෙර තීරණය කර තිබීම හේතුවෙනුයි
කෙසේ නමුත් අද සහ හෙට යන දිනයන්වලදී සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හරින බැවින් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ පවසා සිටියා.
කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එසේ පවසා සිටියද කොලොන්නාව නිමාවෙන් බෙදුම්කරුවන් වෙත ඉන්ධන නිකුත් කෙරුණේ නැහැ.
නමුත් අත්‍යවශ්‍ය සේවා සපයන්නන් වෙත ඉන්ධන නිකුත් කිරීමට කොලොන්නාව නිමාව කටයුතු කර තිබුණා.
එසේම මුතුරාජවෙල ඛනිජතෙල් පර්යන්තයෙන් අද ඉන්ධන බෙදාහැරීම සිදු කෙරුනේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි.
මේ අතර පොදුජන ප්රගතිශීලී සේවක සංගමය පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කලමනාකාර අධ්යක්ෂවරයා අද සහ හෙට තෙල් බෙදීම සිදු කරණ බව පැවසුව ද විදුලිබලාගාර හැර අනෙකුත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදා හැරීම සිදු නොකල යුතු බවට මේ වන විට දැනුම්දී ඇති බවයි.
මේ අතර අනීතිකව ඉන්ධන තොග රැස් කිරීම් වැටලීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා
ඒ අනුව දියතලාවේ වෙළඳසැලක පහත මහලය තුළ සඟවා තිබූ ඩීසල් ලීටර 160ක්, පෙට්‍රල් ලීටර 20ක් සහ භූමිතෙල් ලීටර 130ක් බණ්ඩාරවෙල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගත්තා.
එහි සිටි සැකකරුවෙක් නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් අතර ඔහු අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර බස් රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව තවමත් නිසි පරිදි සකසා නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා
ඔහු පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අදාළ ප්‍රවාහන බලධාරීන් විසින් මේ සම්බන්ධව නිසි පියවර නොගැනීම තුළ බස් රථ ධාවනයද අඩාල විය හැකි බවයි.





