කොළඹ වරායේ දී නෞකාවකින් බොරතෙල් ගොඩබෑමේදී නළ පද්ධතියේ කාන්දුවක් සිදුව ඇති අතර මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.
බොරතෙල් ගොඩබෑමේ දී නල පද්ධතියේ කාන්දුවක්
කොළඹ වරායේ දී බොරතෙල් ගොඩබෑමේ දී මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ඇරඹේ
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙනවා.
සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද අලුයම මෙම පිපිරීම සිදුව ඇති බවයි.
මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සහ නාවික හමුදාව එක්ව ආරම්භ කර තිබෙනවා.
බොරතෙල් පැතිර ගිය සීමාව හදුනා ගැනීම සඳහා ගුවන් හමුදාවේද සහාය ලබාගැනීමට නියමිත බව සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.
කොළඹ වරායේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බොරතෙල් ගොඩබෑම කරන බෝයාවක ආදාළ පිපිරීම සිදුව ඇති අතර එය මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ සවිස්තර තොරතුරු බලාපොරොත්තු වන්න





