2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම ද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමට පැවරී ඇතැයි ගැසට් නිවේදනයේ සඳහන්.
කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතායි.
ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වනවා.
කොමිෂන් සභාව මාස තුනක් තුළ පළමු අතුරු වාර්තාව ඉදිරිපත් කළ යුතු අතර මාස 6ක් තුළ අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතුයි.





