දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගය හානි වීම මත නවතා දමා තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද සිට නැවත ආරම්භ වුණා.
කෙසේවෙතත් අද අලුයම 4.30ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාලයීය දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් මගීන් නොමැතිව ධාවනය කළ බව අප වාර්තාකරු සඳහන් කළා.





