කොළඹ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ වෙඩි තැබිමකින් එක් අයකු මියගොස් තවත් කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල

කොළඹ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ වෙළද සැලකට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් සිදු කළ වෙඩි තැබිමකින් එක් අයකු මියගොස් තවත් කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
මෙම වෙඩිතැබීම ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් සිදු කර ඇති බවයි මුලික විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ.
කොළඹ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ නිවසක් සමග තිබු වෙළද සැළකට ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි නානඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙළද සැලේ හිමිකරු ඉලක්ක වෙඩි තැබිමක් සිදු කර තිබෙනවා.
මෙම වෙඩි තැබිමට පැමිණි වෙඩික් කරුවන් කිසිවෙකු හඳුනාගත නොහැකි ලෙස අඹසැමියන් ලෙස වෙස්වලාගෙන පැමින ඇති අතර එක් අයෙකු බුර්කාවක් ඇඳ මුඛ ආවරණයක් ද පැළඳ සිටියා.
මෙම වෙඩි තැබිමෙන් වෙළද සැලේ හිමිකරුට සහ ඔහු අසල සිටි කුඩා දරුවන් දෙදෙනෙකුට ද තුවාල සිදු වුණා.
වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලත් වෙළදසැලේ හිමිකරු කොළඹ ජාතික රෝහලටත් කුඩා දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණා.
වෙළදසැලේ හිමිකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දි මියගොස් ඇති අතර ඔහු කොළඹ 13 ,ජින්තුපිටිය පදිංචි එල්. ඒ ජේ නසරේන් නොහොත් කොන්ස්ටන් නැමති අයෙක්.
වෙඩි වැදිමෙන් තුවාල සිදුව ඇත්තේ වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකුට හා 3 හැවිරිදි ගැහැණු දරුවෙකුට වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව පොලිසිය සදහන් කළා.
වෙඩි තැබු ස්ථානයේ තිබි T56 වර්ගයේ හිස් උණ්ඩ කොපු කිහිපයක් තිබි හමු වී ඇති අතර පොලිසිය සැක කරන්නේ මෙම වෙඩි තැබිමට T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි.
මෙම වෙඩි තැබිම සම්බන්ධයෙන් සිදු කළ මුලික විමර්ශන වල දී හෙලිව ඇත්තේ එය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වෙරළබඩ පොලිසිය සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පොලිස් කණ්ඩායම් 3ක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share