කොළඹ උතුරට විශේෂ යතුරුපැදි ඒකකයක්

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කොල්ලකෑම් ඇතුළු අපරාධ මැඬලීම සඳහා විශේෂ යතුරුපැදි ඒකකයක් අද සිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 03 බැගින් ලබා දී ඇති අතර, විශේෂ පුහුණුවලත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් හය දෙනෙකු බැගින් එක් පොලිස් වසමක මෙහෙයුම් සඳහා අනුයුක්ත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Share