කොළඹට වැඩි සඟරුවන

සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට ඒල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කළ මහා සඟ සමුළුව ගරුතර මහා සංඝරත්නය සහභාගීත්වෙයන් කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද පෑවැත්වුණා. මෙහිදී ආගමික හා සංස්කෘතික වශයෙන් වැදගත් දස වැදැරුම් ප්‍රඥප්තිය මහා සංඝරත්නය වෙත පිරිනමනු ලැබුවා.

සම්බුදු ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ලවන තර්ජන පරාජය කිරීමේ අරමුණින් සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය මෙම සංඝ සමුළුව පැවැත්වුණේ රට දැය සමය සුරකිමු යන තේමාව පෙරදැරි කරගෙනයි.
අද පස්වරුවේ බෞද්ධ මහා සම්මේලනයට සිව් දිගින් මහා සංඝරත්නය වැඩමවනු ලැබුවා.
එම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරුන්ද පැමිණියා.
පැමිණ සිටි පිරිස පංච සීලය සමාදන් කිරීමෙන් අනතුරුව මහා සංඝ සම්මේලනය ආරම්භ වුණා.
මෙහිදී පිළිගැනීමේ අනුශාසනාව සිදු කරනු ලැබුවේ නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විසින්. මෙහිදී ආගමික හා සංස්කෘතික වශයෙන් වැදගත් දස වැදැරුම් ප්‍රඥප්තිය ඉදිරිපත් කළේ මාහාචාර් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් විසින්. ඒම දස වැදැරුම් ප්‍රතිපත්තිය අනුනායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිරිනමනු ලැබුවා.

Share