කොස්ගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 03ක් අත්අඩංගුවට

කොස්ගම පොලිස් වසමේ බොරවගොඩ ප්‍රදේශයේදී පසුගිය 03 වැනිදා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු සැකකරුවන් තිදෙනෙක් තුම්මෝදර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධය කළ වෙඩික්කරු, යතුරු පැදියේ පැදිකරු හා සැකකරුවන්ට නවාතැන් ලබා දුන් කාන්තාවක්.

Share