කෙහෙළියගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදාහරි

අල්ලස් කොමිසම විසින් අද දහවල් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකාරිය රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට‍යි නියෝග කෙරුනේ.
අල්ලස් කොමිසම සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

Share