කෙසෙල්ගමුව ඔයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්

හැටන් නෝර්වුඩ් වත්තේ පදිංචි සිටි සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ සිය නෑම සඳහා කෙසෙල්ගමු ඔයට පැමිණ තිබුණා.
කාල්සල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්මු ඔයේ සිල්වර් වල නම් ස්ථානයේයි මොවුන් දිය නාමින් සිට ඇත්තේ.
එහිදී සිසුවෙක් අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ නොර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසු වූ අයෙක්.
අතුරුදන්වූ සිසුවා සොයා ගැනීමට සෙසු පිරිස මහත් පරිශ්‍රමයක් දැරුවද එම ස්ථානයේ පැවති අධික ගැඹුර හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.
පසුව සිසුන් කළ දැනුම් දීම මත නොර්වුඩ් පොලිසිය අතුරුදන් සිසුවා සොයා මෙහෙයුමක් ආරම්භ කළා.
ඒ සදහා පොලිසිය නාවික හමුදාවේ ද සහය ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත් දියේ ගිලී අතුරුදන් වූ සිසුවා මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

Share