කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110ක් සමඟින් චීවරධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට

කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110ක් සමඟින් චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාල මත්ද්‍රව්‍ය තොගය මෙය බව සඳහන්.

තායිලන්තය බැංකොක් සිට ඊයේ රාත්‍රී 10.10ට පැමිණි එයාර් ඒෂියා ගුවන් යනායෙන් පැමිණි චීවරධාරීන් 22 දෙදෙනෙක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පරික්ෂා කරනු ලැබ ඇත්තේ බුද්ධි තොරතුරක් මතයි.

ඔවුන් සතුව තිබූ ගමන් මලු පරීක්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ පතුළක් නිර්මාණය කර ඒ තුළ මත්ද්‍රව්‍ය සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සෑම චීවරධාරියෙකුගේම ගමන්මල්ලේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහ බැගින් සඟවා තිබූ බව පොලිසිය පැවසුවා.

පාසල් උපකරණ සහ රසකැවිලි උඩින් අසුරා ඉතා සුක්ෂම ‍ආකාරයෙන් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් තිබුණා.

රැගෙන විත් තිබූ මත්ද්‍රව්‍ය කුෂ් සහ හෑෂ් බව හඳුනා ගෙන තිබෙනවා.

සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 110ක්.

එහි වීදී වටිනාකම රුපියල් කෝටි 110ක් පමණ වනවා.

මෙම සැකකාර චීවරධාරීන් අනුග්‍රහකයෙකු විසින් ලබාදුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22 වැනිදා මෙරටින් තායිලන්තය බලා ගොස් තිබෙනවා.

එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන ජංගම දුරකථනවල තිබුණු බව පොලිසිය සඳහන් කළා.

කටුනායක ගුවන්තොටුපළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන අතර, චීවරධාරීන් පිරිසක් ‍මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

සැකකරුවන් චීවරධාරීන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණයින් පිරිසක් වන අතර, ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවද ⁣සඳහන්.

අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය පැවසුවා. ???

Share