කුෂ් සමඟ කොටු වූ ජාවාරම්කරු

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21කට අධික තොගයක් සමඟ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් විවිධ පුද්ගලයින් යෙදවා විදේශ රටවලින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඒවා රටපුරා අලෙවි කිරීමේ නිරත වී ඇතැයි පොලිසිය පැවසුවා.

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම සැකකරු පසුගිය 13 වැනිදා මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු ගමන් මල්ලක් වෙනත් පුද්ගලයෙකු අත මෙරටට එවා පසුව ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරවාගෙන ජාවාරම්කරුගේ නිවසට රැගෙන ගොස් භාරදී තිබෙනවා.
ඊයේ අත්බෑගයක් පමණක් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළා.
මේ සියල්ල නිරීක්ෂණය කර ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණි පසු අදාළ නිවස වටලනු ලැබුවා.
නිවස පරීක්ෂා කිරීමේදී විවෘත නොකළ ගමන් මලු තුළ ඇසුරුම් 20කට සකස් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එම ඇසුරුම්වල තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 ග්‍රෑම් 668ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගැණුනා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මෙරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව පොලිසිය පැවසුවා.
ජාවාරම්කරු සතුව තිබී රුපියල් පහලොස් ලක්ෂ දහ නව දහසක් වටිනා අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ජාවාරම්කරු අද වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share