කීරි සම්බා සහල් සැඟවූ වෙළෙඳසැල් හිමිකරුවෙකු නීතියේ රැහැනට

උපාය දූතයෙකු යොදවා කළ සෝදිසියකදී කීරි සම්බා සහල් තොග සඟවා අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ බණ්ඩාරවෙල ප්‍රදේශයේ තොග සහ සිල්ලර වෙළෙඳසැල් හිමිකරුවෙකු, අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය කටයුතු කළා.
මෙම වැටලීමේදී ඔහු සතුව තිබූ කිලෝ පහක් බරති කීරි සම්බා මිටි 221ක් ඉදිරි නීතිමය කටයතු සඳහා භාරයට ගැනීමටත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කළා.

Share