“දූවිල්ලෙන් සෑදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව වාක්‍යය සිහිපත් කෙරෙන කිතුණු බැතිමතුන්ගේ අළු බදාදා ව අදට යෙදී තිබෙනවා
අළු බදාදා ව සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් වන්නේ කිතුනු බැතිමතුන්ගේ නළලෙහි අළු තැවරීමයි.
ඊට සමගාමීව, අදින් චතාරික සමය ද ආරම්භ වන අතර චතාරික සමය යනු කිතුණුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කෙරෙන කාල සීමාවක් බවයි කිතුනු දහමේ සදහන් වන්නේ
දින 40ක කාලයක් පුරා පැවැත්වෙන චතාරික සමය ආත්ම පරීක්ෂණය, පශ්චාත්තාපය, උපවාසය සහ යාච්ඤාවන් සදහා විශේෂ අවධානයක් යොමු කරමින් බැතිමතුන් ආධ්‍යාත්මිකව සූදානම් වීම මූලික අරමුණයි.





