කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මහරගම සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්රෑම් 1යි ග්රෑම් 500ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මත්ද්රව්ය හා විවිධ අපරාධකරුවන් සොයා කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගය අසල අද අළුයම කළ මෙහෙයුමක දී අයිස් මත්ද්රව්ය සන්තකයේ තබා ගත් සැකකරුවන් සහ වරෙන්තුකරුවන් එකොලොස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.මත්ද්රව්ය හා විවිධ අපරාධකරුවන් සොයා කොට්ටාව අධිවේගී පිවිසුම් මාර්ගය අසල විශේෂ මෙහෙයුමක් අද අළුයම ක්රියාත්මක කරනු ලැබුවා.
මෙම මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 250 දෙනෙක් පමණ එක්ව සිටි අතර පොලිස් සුනඛයින්ද යොදාගෙන තිබුණා.
මෙහිදී අයිස් මත්ද්රව්ය සන්තකයේ තබා ගත් සැකකරුවන් සහ වරෙන්තුකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර හෙරොයින් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග නාගරික මන්ත්රීවරියගේ ස්වාමි පුරුෂයා අද තඹුත්තේගම අධිකරණය වෙත ඉදිරිපත් කල බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සදහන් කළා
අනුරාධපුර එස්සාවල කටියාව යාය 10 ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් මත්ද්රව්ය ජාවාරමේ නිරත වන බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුන තොරතුරකට අනුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්රෑම් 50ක් සමඟයි.
පසුව සැකකරුට අයත් එප්පාවල ප්රදේශයේ පිහිටි හෝටලයක තිබී හෙරොයින් කිලෝග්රෑම් 1යි ග්රෑම් 20ක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන දිස්නා / දිශ්නා ?? නිරංජලා කුමාරි දැනට පදිංචිව සිටින පෑලියගොඩ ප්රදේශයේ පිහිටි නිවස ද ඊයේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පසුව ඇගෙන් ප්රකාශයක්ද ලබා ගත් බව පොලිසිය පැවසුවා.
මෙම විදුහල්පතිවරයාගේ පුත්රයෙක් ද පසුගියදා හෙරොයින් ග්රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
මේ අතර කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මහරගම සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්රෑම් 1යි ග්රෑම් 500ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මිට පෙර මත්ද්රව්ය ලග තබා ගැනිමේ සිද්දියකට එඬේරමුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වල හෙලි වූ තොරතරු මත මෙම මෙහෙයුම සිදුකෙරුණා.
මේ අතර දිවයිනේ විවිධ ප්රදේශවල තරුණ පිරිසක් මුහුණු පොත හරහා සම්බන්ධ කර ගනිමින් කෙසෙල්වත්ත ගොරකාන ගල් කණුව පාරේ හෝටලයක් තුළ පැවැත් වූ සාදයක් වටළා එහි සිටි කාන්තාවක ඇතුළු තරුණයන් දස දෙනකු මත්ද්රව්ය සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් සහ කොටස් වෙනත් පාර්ශ්වවලට විකුණූ බව කියන සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
පොලිසිය සදහන් කලේ නිල කමිස දෙකක් , පොලිස් නිල කලිසම් හයක් , මේස් ජෝඩු පහක් , ලෙන් යාඩ් හතරක් , කළු පාට ලෙදර් පිස්ටල් රඳවනයක් , පරීක්ෂක ශ්රේණියේ නිලධාරීන් භාවිතා කරන ලද බඳපටියක් , ඇතුළු ආයිත්තම රැසක් සිය භාරයට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර සහ බණ්ඩාරගම යන ප්රදේශවල පදිංචි 38 සහ 39 හැවිරිදි පුද්ගලයන් වනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අතුරුගිරිය ප්රදේශයේ පුද්ගලයකු බිය ගන්වා දෙලක්ෂ දහදාහක් වටිනා රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් ගෙන ප්රශ්න කිරීමේදී පොලිස් වසම් 10ක රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවක තොරතුරු අනාවරණ කරගත් බව පොලිසිය පැවසුවා.
මේ අතර සොරකම් කරන ලද යතුරුපැදියකට ව්යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු දඹුල්ලේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





