කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි මහතා නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
මෙය දෙරට අතර පළුදු වී තිබූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ගොඩනැගීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකෙනවා.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ කැනඩාව සහ ඉන්දියාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම වන අතර, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
මෙම සංචාරයේ විශේෂම අවස්ථාව වන්නේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවයි.
එහිදී දෙරට අතර නව වෙළෙඳ ගිවිසුමකට එළඹීම පිළිබඳව මෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැඩි තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ පැන නැගී ඇති ගෝලීය ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද නායකයන් දෙපළ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.





