මේ අතර සින්දූර් මෙහෙයුමෙන් මාස හයකට පසු, පකිස්ථානය පදනම් කරගත් ත්රස්ත කණ්ඩායම්, විශේෂයෙන් ලෂ්කාර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් සම්බන්ධීකරණ ප්රහාරවල නව රැල්ලක් සඳහා බලමුලු ගන්වමින් සිටින බව වාර්තාවකින් පෙන්නුම් කෙරෙනවා.
NDTV වෙත ලැබුණු බව කියන නවතම බුද්ධි තොරතුරුවලින් හෙළි වන්නේ ජම්මු සහ කාශ්මීර යුනියන් ප්රදේශය ඉලක්ක කරගත් පකිස්ථානයේ පිටුබලය ලත් ත්රස්ත ක්රියාකාරකම්වල භයානක වැඩිවීමක් ඇති බවයි.
බුද්ධි ලේඛනයට අනුව, සැප්තැම්බර් මාසයේ සිට ත්රස්ත කණ්ඩායම් ආක්රමණය, ඔත්තු බැලීම සහ දේශසීමා හරහා සැපයුම් කටයුතු වේගවත් කර ඇතැයි සඳහන්.
පසුගිය ඔක්තෝබර් මාසයේදී පාකිස්තා පාලනයේ පවතින කාශ්මීරයේදී පැවති ඉහළ මට්ටමේ රැස්වීමකට ජමාත්-ඊ-ඉස්ලාමි, හිස්බුල් මුජාහිදීන් සහ ISI නිලධාරීන්ගේ ජ්යෙෂ්ඨ සාමාජිකයින් රැස් වූ බව බුද්ධි අංශ උපුටා දක්වමින් NDTV වාර්තා කරනවා.





