කාලෝස් අල්කරේස් 2026 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

2026 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරේස් සමත් වුණා.

ඊයේ පැවති අවසන් මහා තරගයේදී අල්කරේස් අතින් පරාජය වුණේ සර්බියාවේ නොවැක් ජොකොවිච්.

වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි අංක 4 රැඳී සිටින ජොකොවිච් මෙහිදී ඇල්කරේස් හමුවේ තරග වට 3-1ක් ලෙස පරාජය වුණා.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා වන ජොකොවිච්, අවස්ථා 10කදී මෙහි ශූරතාව දිනාගෙන තිබුණා.

22 හැවිරිදි වියෙහි පසුවන ඇල්කරේස් ලැබූ මෙම ජයත් සමග ඔහු ඔස්ට්‍රේලියා විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් හා අමෙරිකානු විවෘත යන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හතරම අවම වශයෙන් එක් වරක් හෝ ජයගත් ලොව ළාබාලතම ක්‍රීඩකයා ලෙස ‍වාර්තා අතරට එක් වනවා.

Share