කැනේඩියානු අගමැති මාර්ක් කර්නි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව බීජිංහි අගනුවරදී සිදුව තිබෙනවා.
එහිදී ආර්ථික, කෘෂිකර්මාන්තය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
2017 වසරෙන් පසු කැනේඩියානු අගමැතිවරයෙකුගේ පළමු චීන සංචාරය මෙයයි
මේ අතර මාධ්‍ය අමතමින් ඔන්ටාරියෝ හි ප්‍රධානී ඩග් ෆෝඩ්, චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා දැනට පනවා ඇති තීරුබදු ඉවත් නොකරන ලෙස අගමැති මාර්ක් කාර්නිගෙන් ඉල්ලා සිටියා.
එය, එක්සත් ජනපදයේ දැවැන්ත පීඩනය සහ වර්ධනය වන ආර්ථික ගැටළු හමුවේ ඔන්ටාරියෝ හි විදුලි වාහන කර්මාන්තය නොවෙනස්ව තබා ගැනීමට බලාපොරොත්තු වන ෆෝර්ඩ්ගේ දිගුකාලීන ඉල්ලීමක්.
2024 දී ෆෙඩරල් රජය විසින් චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා සියයට සියයක් තීරුබදු හඳුන්වා දෙනු ලැබුවා.





